April 25, 2024

මත්පැන් සමාගම්වලට බදු සහන දීම නවත්වන්නැයි මුදල් අමාත්‍යාංශයට නිර්දේශ

මත්පැන් සමාගම් සඳහා බදු සහන ලබාදීම වළක්‌වන ලෙසට පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

මුදල් කටයුතු පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඊයේ (28) පාර්ලිමේන්තුවට මෙම නිර්දේශ වාර්තා ඉදිරිපත් කර ඇත.

සුරා බදු ආඥ පනත යටතේ මත්පැන් නිෂ්පාදන සමාගම් 23 කට පමණක්‌ සහන දෙන බව මෙම වාර්තාව මඟින් පෙන්වා දෙන බවද සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසී ය.

බදු සහන ලබා ගැනීම සඳහා මත්පැන් සමාගම් සියයක්‌ පමණ සුදුසුකම් සපුරා ඇතැයි ද එහෙත් බදු සහන ලබා දෙන්නේ සමාගම් විසි තුනකට පමණක්‌ යෑයි ද කී සුමන්තිරන් මහතා මේ හේතුව මත කිසිදු සමාගමකට බදු සහන ලබා නොදෙන ලෙසට නිර්දේශ කරනු ලැබූ බවද පැවසුවේය.

Rate this item
(0 votes)