April 20, 2024

මැයි දින රැළියට විශේෂ ආරක්ෂක සැලැස්මක්

කොළඹ හා මහනුවර නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන මැයි දින රැළි හා පෙළ පාලි සඳහා විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රථ වාහන කළමනාකරණය සහ මහජනතාව හැසිරවීමේ කටයුතු මූලික කර ගනිමින් මෙම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පැවසී ය.

කොළඹ ආරක්ෂක හා රථවාහන කළමනාකරණය සඳහා  පොලිස් නිලධාරීන් 4765කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා ඇති අතර මහනුවරට පොලිස් නිලධාරීන් 3500කට අධික සංඛ්‍යාවක් යෙදවීමට නියමිතය.

පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ද රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක වන සී.සී. ටී.වී. ආරක්ෂක  කැමරා පද්ධතියට අමතරව වැදගත් ස්ථාන ආවරණය කිරීම සඳහා අතිරේක කැමරා පද්ධතියක් සවිකර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Rate this item
(0 votes)