March 29, 2024

විදුලිබල මණ්ඩලය යහපාලනය ඔළුවෙන් හිටවයි

මෙතෙක් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පැවති අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සෘජුව සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීම සදහා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ දරන උත්සාහය සියළු යහපාලන හා විගණන මුලධර්ම උල්ලංඝණය  කිරීමක් යැයි දුෂණ විරෝධී පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මේ දක්වා පැවතියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ය.  විදුලි ඉංජිනේරු මාෆියාව නමින් ප්‍රකට ‘විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය’ විසින් එය සෘජුව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙස බලපෑම් කොට ඇත.  අමාත්‍ය සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අනුර විජේපාල මහතා ට උපදෙස් දී ඇත්තේ 2017 මැයි 2 දින (අගහරුවාදා) ට පෙර අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙසයි.

ලෝකයේ කිසිදු විගණන මුලධර්මයකට අදාළ නොවන ඉහත ඉල්ලීම විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩය විසින් ප්‍රතිකේෂ කොට ඇත.  එහි ප්‍රතිඑලයක් ලෙස අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කොට ඇත. 

ඩීසල් විදුලි මාෆියාව, අන්ත දුෂිත ගල් අගුරු මිල දී ගැනීම, ඩීසල් ජෙනරේටර් මිල දී ගැනීම වැනි අන්ත දුෂිත ගණුදෙනු සදහා ආවරණය සැපයූ විදුලිබල මණ්ඩලයේ සභාපති විජේපාල මහතා ට පවා සියළු යහපාලන මුල ධර්ම හා විගණන මුල ධර්ම උල්ලංඝනය කරමින් සිදු කිරීමට යෝජනා කරන අභ්‍යන්තර විගණන අංශය සාමන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීමේ යෝජනාවට එකග විය නොහැකි බැවින් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බව දුෂණ විරෝධී පෙරමුණ විශ්වාස කරයි.

•          අංක 16/2774/727/056 දරණ කැබිනට් පත්‍රිකාව හරහා ජෙනරේටර් මිල දී ගැනීමේ දුෂණය හි මුල්‍ය වටිනාකම රු. මිලියන 6,268 කි.

•          2017 මාස 2 ½ තුල ගල් අගුරු මිලදී ගැනීම මගින් රු. මිලියන 1953 ක් රටට අහිමි වී ඇත.

•          විදුලි ඒකකයක් රු. 12-13 ට නිශ්පාදනය කරන ගෑස් බලගාර යෝජනා 6 ක් අතහැර දමා ඩීසල් විදුලිය රු. 32 බැගින් මිල දී ගැනීමට විදුලි බල ලේකම් මේ වන කටයුතු කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ යටතේ සිදුවෙමින් දුෂණ අක්‍රමිකතා වසා ගැනීම සදහා මේවන විට පිළිගත් ආයතනින හා විගණන මුලධර්ම පවා බිද දමමින් සිටින බව දුෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Rate this item
(0 votes)