March 29, 2024

ඇමැති රාජිතගෙන් සේවක දිනයක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සේවක දිනය 2017 වැඩසටහන අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරිනි. 

සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසදීම මෙහි අරමුණ වෙයි. මෙම සේවක දින වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු සියලුම නිලධාරීන් එක්ව සේවක ගැටලු විසදීමට කටයුතු කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බදාදා දින ඇතිවන තදබදය අවම කර ගැනීම සදහා මෙම පියවර ගත් බවයි. 

සියලුම සේවකයින්ගේ ප්‍රශ්ණ හැකි අයුරින් විසදීමට පියවර ගන්නා බව සදහන් කළ අමාත්‍යවරයා නීතිය හා සාධාරණත්වය පිළිබද අවධානය යොමු කරමින් ගැටලු විසදන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 

ගැටලු විසදීමෙන් පසු එම සේවකයින් මහජනතාවට අවශ්‍ය සේවාව නිසි පරිදි ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය. 

 

Rate this item
(0 votes)