April 16, 2024

විග්නේෂ්වරන්ට අලුත් බියක් - ෆෙඩරල් ගැන විග්නේෂ්වරන්, තුර්කි තානාපතිට කියයි

දෙමළ ජනතාවගේ එකම විසඳුම වශයෙන් ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවට නැගෙනහිර මුස්ලිම් වැසියන් හා සිංහල වැසියන් මෙන්ම රජයේ සිංහල මැති ඇමතිවරු විරුද්ධ වීම නිසා ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක නොවන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තුර්කි තානාපති තුන්කා උත්සුසදර් මහතා සමග යාපනය නල්ලූර්හි පිහිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

එහදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිවරයාට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ 

‘‘මේ වෙනකොට ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පසු බහිනවා. ඒකට හේතුව තමයි නැගෙනහිර සිටින මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාවගේ වගේම ආණ්ඩු පක්ෂයේ සිටින මැති ඇමතිවරුන්ගේ ෆෙඩල් විරෝධි බාවය නිසා. අපි ඉල්ලුවේ දෙමළ ජනතාවගේ අයිතියක් මේ අයගේ ගැටලුවලට විසඳුම් දෙන්න ඕන නිසයි නමුත් දැන් දෙමළ ජනතාව කොන් වෙලා ඉන්නේ.“ 

“ඒ වගේම මුලින්නම් උතුරේ සිංහල ජනතාව ජීවත් වුනේ 05%ත් 10% ත් අතර ප්‍රමාණයක් මේ වෙන කොට උතුරේ සිංහල ජනතාව 30 % ත් අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. රජය හදන්නේ උතුරේ තවත් සිංහල ජනතාව පදිංචි කරන්න. මේකට අපි බය වෙලයි ඉන්නේ ඒකටයි අපි ෆෙඩරල් ඉල්ලුවේ.“ යනුවෙන් ප්‍රධාන ඇමැතිවරයා පැවසී ය. 

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)