March 28, 2024

ශ්‍රී ලන්කන් ආරක්ෂක ලොක්කා නෙරපන්න නියෝගයක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ  කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවු බව කියන දුෂණ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළැයි එම නිලධාරීන්ට නිලධාරීන්ට අඩන්තේට්ටම් හා මරණ තර්ජන කර තිබිණ.

රාජපක්ෂ පාලන සමය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත්ව පැමිණ මේ දක්වා සේවා දිගු තුනක් ලබාගනිමින් එහි සේවය කරන බව කියන විශ්‍රාමික මේජර් ජනරාල් පියදිගමගේ චන්ද්‍රවංශ නැමැත්තා අදාළ තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්  ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා (සභාපති), මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග, පියසේන රණසිංහ සහ හිටපු විගණකාධිපති පී.ඒ පද්මතිලක යන මහත්වරුන් විසින් එලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව බරපතල කොමිසමට ලැබුණු පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කොමිසම විසින් පරීක‍්ෂණ කරන ලදි. 

 

(ලංකාදීප)

Rate this item
(0 votes)