March 29, 2024

ඩිව්, හඳුන්, හර්ෂ බැඳුම්කර කොමිසමට කැඳවයි

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය අධිකරණ නිවාඩුවෙන් පසුව අද(24) යළි ආරම්භ කෙරේ.

බැඳුම්කර සිද්ධිය විභාග කළ පළමු කෝප් සභාපති ඩ්ව් ගුණසේකර සහ වර්තමාන කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතය. 

මේ අනුව අද (24) දින ප.ව. 1.00 ට ඩිව් ගුණසේකර මහතා මුලින්ම බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබෙන අතර හෙට (25) දින කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ද බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. 

කෝප් සභාපතිවරු දෙදෙනාගෙන් සාක්‌ෂි ලබා ගැනීමෙන් අනතුරුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද කොමිසම හමුවට කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)