March 29, 2024

කුණු කන්ද ගිනිගැනීමේ අවදානමක් - පොලිතින්වලින් වසා දමයි

මීතොටමුල්ල කුණු කන්දේ පවතින මීතේන් වායු ප්‍රතිශතය සියයට තිහක්‌ (30%) බව ජපානයෙන් පැමිණි කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයින් සිදු කළ පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.

සාමාන්‍යයෙන් පැවතිය යුත්තේ සියයට තුනක පමණ (3%) අගයක්‌ බව ඔවුන් සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය මත කුඩා ගිනි පුළිඟුවකින් වුව ගිනි ගැනීමක්‌ ඇතිවීමේ අවදානමක්‌ පවතින බවටද එම විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇත.

ඒ අනුව සිදුවිය හැකි හානි වැළැක්‌වීම සඳහා මීතෙන් වායුව පිටවන ස්‌ථාන පොලිතින්වලින් ආවරණය කිරීමට යුද හමුදාවේ සහාය මත ආපදා කළමනාකරණ ආයතනය පෙරේදා (22) පියවර ගත්තේය.

Rate this item
(1 Vote)