April 19, 2024

ගුරුවරු පිරිසක් පාරට 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරුමැද පළාත් ගුරු විදුහල්පති වෘතීය සමිති සාමාජික සාමාජිකාවන් අද අනුරාධපුර ඩීඑස් වටරවුම ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

පැයකට ආසන්න කාලයක් එම විරෝධතාව පැවති අතර මාර්ගය අවහිර කරගෙන එය පැවතීම හේතුවෙන් වාහන ධානවයට ද අවහිරතා ඇති විය.

එම විරෝධතාව සඳහා උතුරු මැද පළාතේ ගුරුවරු 200 කට අධික පිරිසක් සහභාගී වූහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර උසස්වීම් සහ හිඟ වැටුප් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලීම් කළහ.

ගුරු මාරු නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කිරීම් ආදි ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උද්ඝෝෂණයක් පැවැත් විය. ඒ සඳහා බලධාරීන් මැදිහත් වී ගුරු සේවාවේ ඇති ගැටළු කඩිනමින් විසඳාදෙන ලෙස ඔවුහු ඉල්ලීම් කළහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 March 2014 15:15