April 20, 2024

ඒකාබද්ධ විපක්ෂයට කළ උදව්වට ආණ්ඩුවට ස්තූතියි

මෙම මස 25 වන සෙනසුරාදා දිනයේ දී ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ දී පැවැත් වීමට කටයුතු සම්පාදනය කර ඇති ‘පෙරළියක ඇරඹුම‘ දෙවන රැස්වීම සඳහා රජය විසින් ලබා දුන් පුළුල් ප්‍රචාරයට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ස්තූතිය පිරි නමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආසනධූරය ඉවත් කරමින් හා රැස්වීම් භූමියට විවිධ බාධා ඇති කරමින් ලබා දුන් ප්‍රචාරය වෙනුවෙන් මෙම ස්තූතිය හිමිවන බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.  

එමෙන්ම ජීවන වියදම ඉහළ යෑම, මැතිවරණ කල් දැමීම, ව්‍යවස්ථා උගුල‍, රාජ්‍ය සම්පත් විකිණීම හා දේශපාලනිකව මිනිසුන් දඬයම් කිරීම යන මුලික කරුණු 5 මුල් කර ගනිමින් මෙම ජන රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මහින්දානන්ද මහතා සඳහන් කළේය. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ නියෝජිතයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට බලාපොරොත්තු වන බව ද ඊයේ (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 

Rate this item
(0 votes)