April 25, 2024

හිටපු මන්ත්‍රීගේ නිවස පිටුපස බංකරයකින් ගංජා මතුවෙයි

ඇඹිලිපිටිය, පනාමුරේ ප්‍රදේශයේ නිවසක් පිටුපස බංකරයක් තුළ සඟවා තිබුණු ගංජා කිලෝ 370 ක් පමණ සොයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගංජා තොගය සමග සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහු අදාළ නිවසේ හිමිකරු වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේය.

අද (23) පෙරවරුවේ මෙම ගංජා තොගය සොයාගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)