April 23, 2024

'ෆොන්සේකා ගැන සැකයක් තිබුණා' - ඇමැති සුජීව දැන් කියන කතාව

පසුගිය ආණ්ඩුව සමයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා පිළිබඳ ද තමාට සැකයක් පැවති බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

සරත් ෆොන්සේකා මහතා මෙම ඝාතනයට තමා සම්බන්ධ නොවු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් මෙම අපරාධ කල්ලිය හමුදාවේ ඕනෑම හමුදා නිලධාරියෙක් සම්බන්ධ විය හැකි නිසා එවකට හමුදාපතිවරයා වශයෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් යම් වගකීමක් ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මීනිමරු කල්ලියක් රාජපක්ෂවරුන් හරහා පසුගිය සමයේ ක්‍රියාත්මක වු බව පැහැදිලි බවත් ඊට අදාළ සියලු දෙනා නීතිය හමුවට නුදුරේදීම හසුවන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙක් විසින් මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ යැයි පළ වෙන වාර්තා සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

 

Rate this item
(0 votes)