April 25, 2024

සහල් ගන්නේ බලාගෙනයි: වී තොගවලට උග්‍ර විෂ කෘමිනාශක දාලා 

වී තොග ගබඩාකොට ඒවා කල්තබා ගැනීම සඳහා සහල් මෝල් හිමියන් විසින් ඉතාමත් උග්‍ර විෂ සහිත කෘමිනාශක වර්ග යොදන බවට තොරතුරු ලැබී ඇතැයි පොළොන්නරුව වකුගඩු රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය මලිත් මෙත්තසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පෙරේදා (21) පෙරවරුවේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී ය.

මෙම ප්‍රබල විෂ කෘමිනාශක යෙදීමෙන් පසුව එම වී තොග අවුරුදු 4 - 5 ක්‌ වුවද කල්තබා ගැනීමට හැකි බවද හෙළිවී ඇතැයි කී වෛද්‍ය මෙත්තසූරිය මහතා මෙම වී වලින් නිපදවන සහල් ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝග වැළඳී මිනිසුන් නිරපරාදේ මියයන බවද පෙන්වා දුන්නේය. 

පොලොන්නරුවේ එක්‌ මසකදී අලුතින් වකුගඩු රෝගීන් 100 ක්‌ පමණ සොයා ගන්නා බවත්, මෑතකදී කරන ලද නවතම පරීක්‍ෂණවලදී පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පාසල් ළමුන්ගෙන් සියයට දහයකගේ පමණ වකුගඩු රෝගයේ මූලික ලක්‍ෂණ හඳුනාගෙන තිබෙන බවත් වෛද්‍ය මලිත් මෙත්තසූරිය මහතා පැවසී ය.

Rate this item
(0 votes)