March 29, 2024

උඩුවේ හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් අද(20) වරෙන්තු නිකුත් කළේය.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද(20) කැඳවනු ලැබීය.

පසුගිය නඩු වාරයේදී පොරොන්දු වුවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.

උන්වහන්සේ අධිකරණයෙන් අවසරයකින් තොරව මේ වන විට විදෙස් ගතවී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් වරෙන්තු නිකුත් කළේය.

Rate this item
(0 votes)