April 25, 2024

'රජයට දැවැන්ත ප්‍රහාරයක්'‌ - මහින්දගේ සැලසුම මෙන්න

ඒකාබද්ධ විපක්‍ෂය ආණ්‌ඩුවට එරෙහිව රට පුරා ආරම්භ කරන විරෝධතා ජන රැලිවලින් රජයට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ලබන 25 වැනිදා ගාල්ලෙන් ආරම්භ කෙරෙන මෙම විරෝධතා ජනරැලි මාලාව රට පුරා ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

මෙම ජනරැලි සඳහා සහයෝගය දීමට රට පුරාම ජනතාව පෙළගැසී සිටින බව පැවසූ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“රජයේ ක්‍රියා කලාපය පිළිබඳව කලකිරීමට පත්ව සිටින ජනතාව අද රජයෙන් ඈත් වෙන්න පටන් අරගෙන. රජය ජනතාව වෙනුවෙන් කරපු කිසිම හොඳ වැඩක්‌ නැහැ. ලබන 25 වැනිදා ආණ්‌ඩුවට එරෙහිව ආරම්භ කරන විරෝධතා රැස්‌වීම්වලින් අපි ආණ්‌ඩුවට හොඳ පාඩමක්‌ උගන්වනවා.“

 

-දිවයින-

Rate this item
(0 votes)