March 29, 2024

කොල්ලකරුවන් මුදාහැරි පිරිස ලංකාවට එන්න සතියක් යයි

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගැණුන ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ  ශ්‍රී ලාංකිකයින් අටදෙනා යළි දිවයිනට පැමිණීමට තව සතියක් පමණ ගතවනු ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආංරචි මාර්ග සඳහන් කරයි.

එම ලාංකිකයින් පිරිසට සිය ඥාතීන් අතර පැමිණිය හැකි වන්නේ නැව අයත් ඩුබායි නැව් සමාගම විසින් වෙනත් නැවියන් ගෙන් යුතු කාර්ය මණ්ඩලයක් වෙත ඔවුන්ගේ රාජකාරී කටයුතු පැවරීමෙන් හෝ අනුයුක්ත කිරීමෙන් පසුව වන අතර එම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් සතියක පමණ කාලයක් ගත වන බවද එම තනාපති ආරංචි මාර්ග පැවසීය.

පුරා දින පහක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට බේරා ගැණුන ශ්‍රී ලාංකික නැවියන් අට දෙනා පැය අටක මුහුදු ගමනකින් අනතුරුව ඊයේ (19) සෝමාලියාවේ  ස්වයං පාලන ප්‍ර දේශයක් වන පන්ට්ලන්ඩ් හි බොසාසෝ වරාය පරිශ්‍රයට ආරක්ෂිතව ළඟා වූයේය. 

එහිදී ඔවුන් පිළිගැනීම සඳහා ඒරිස් 13 නෞකාව අයත්  ඩුබායි නැව් සමාගම් බලධාරීන් පිරිසක් ද පැමිණ සිට ඇත.

ශ්‍රී ලාංකිකයින් මුණගැසී ඔවුන්ගේ සුව දුක් විමසීම  සඳහා සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි මෙහොමඩ් ඊයේ  එම නෞකාවට පැමිණීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)