April 19, 2024

ගැසට් පත්‍රය ගැන මහ බැංකු අධිපති කතා කරයි - මහින්ද අත්සන් කළ ගැසට් පත්‍රය මෙන්න 

February 27, 2017

මහබැංකු බැඳුම්කර සිද්ධියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(27) පෙරවරුවේ මහබැංකු මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණියේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුලූ මන්ත්‍රීවරුන් පිරිසක් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හමුවී අද සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙම සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන සහිත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කර ප්‍රකාශයක් නිකුත් කරන්නැයි මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

එහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ එය නිවැරදි කර ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් බවයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකුව පාර්ශ්වයෙන් සිදුකළ යුතු පරීක්ෂණ ඉක්මන් කරන්නැයි මහ බැංකු අධිපතිවරයාගෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර මහබැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලබාදීමට තවත් මාසයක කාලයක් ගතවන බවට එහිදී අධිපතිවරයා ප්‍රකාශ කළේය.

බැඳුම්කර නිකුතුවේ ගැසට් පත්‍රය පරිපාලන ක්‍රමවේදය අනුව වසරේ මුල මාසයේ නිකුත් කරන බවත් ඒ සඳහා වෙළෙඳපොල අවශ්‍යතාවයක් මත යම්කිසි පද්ධතියක් සකස් කර තිබෙන බවත් සදහන් කළ මහ බංකු අධිපතිවරයා ඒ අනුව ක්‍රියාත්මක වුවහොත් පොලී අනුපාත නිවැරදිව ප්‍රකාශ කළ හැකි බවත්ය.

ජනවාරි 01 වනදා වසරේ පළමු රාජකාරී දිනය හේතුවෙන් එම දිනය ඇතුලත් වන පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

එම ගැසට් පත්‍රයට ගැසට් අංකය ලබා දී ඇත්තේ ජනවාරි මස වන අතර එම ගැසට් පත්‍රය නිකුත් කර අත්තේ 2015 නොවැම්බර් මාසයේදී බවත් පැවසූ මහ බැංකු අධිපතිවරයා මීට පෙරද මේ ආකාරයට ප්‍රමාද වී ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් එය ශ්‍රී ලංකා මහ බැංකුව හිතාමතාම සිදුකල දෙයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

1997 වසරේ සිට මුදල් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිටියද මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේදී ඊට අත්සන යොදා ඇත්තේ එම වසරේ ජනවාරි 01 වනදා සිටින මුදල් අමාත්‍යවරයා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය සමයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ දී මහ බැංකුව, නීති උල්ලංඝනය කර ඇති බව අනාවරණය වන බවයි.

2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය, පිළිබඳ මේවන විට විශේෂ කතාබහක් ඇතිවී තිබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස හගවමින් 2015 වසර සඳහා ණය ගැනීමට මහා බැකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ 2016 නොවැම්බර් මස බව එම ගැසට් පත්‍රයේම කරුණු වලින් අනාවරනය කර ගත හැකිය.

ඕනම ගැසට් පත්‍රයක මුද්‍රණයේදි එහි මුල් පිටුවේ පහළ කොටසේ ඉතා කුඩා අකුරෙන් එහි මුද්‍රණය කොට ඇති දිනය අදාළ වෙනත් තොරතුරු කිහිපයක් සඳහන් කිරීම අනුව එම ගැසට් පත්‍රයේ සත්‍යයතාවය මෙන්ම එම නියෝගය දුන් අදාළ වගකිවයුත්තන් හෙලිකර ගත හැකිය.

එම ගැසට් පත්‍රය පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 February 2017 17:47