March 28, 2024

රට පාලනය කරන්නේ ස්ත්‍රී දූෂකයින් -අනුර දිසානායක 

වර්තමානයේ රට පාලනය කරනු ලබන්නේ ස්ත්‍රී දූෂකයින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

එමෙන්ම කුඩුකාරයෝ, එතනෝල් මුදලාලිලා, මංකොල්ලකාරයෝ ආණ්ඩුව සම්බන්ධව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් මෙම සමාජ රටාව වෙනස් කළ යුතු බවත් එයට ජනතාව අප සමග එක්විය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේබව පැවසුවේ පසුගිය දා අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

 

Rate this item
(0 votes)