April 19, 2024

අමාත්‍ය විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් 

ශ්‍රී ලංකා රජයට විරුද්ධව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීම සඳහා පෞද්ගලික දැන්වීම් ප්‍රචාරක ආයතන පහ හයක් එකට එකතුකර තාවකාලිකව එක් ප්‍රචාරක ආයතනයක් නිර්මාණය කර ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළි කරයි.

ඒ සඳහා එක්තරා තානාපති කාර්යාලයක් විසින් රුපියල් මිලියන 10,000කට වඩා වැඩි වියදමක් දරා තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම රුපියල් මිලියන 10,000කට වඩා වැඩි මුදල ඔවුන් ලබාදී ඇත්තේ ඉහත සඳහන් සියළුම ප්‍රචාරක ආයතන සඳහා බෙදී යන ආකාරයෙන් බවත්, ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ වත්මන් රජය කෙරෙහි මහජනයා තුළ තිබෙන විශ්වාසය බිඳ දැමීම බවත් හෙතෙම අවධාරණය කළේය.

අමාත්‍යවාරයා මේ අදහස් පළකළේ රුපියල් මිලියන 110.5 වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්රන ලද නිවාස 244කින් සමන්විත කොළඹ 14ග්‍රෑන්ඩ්පාස් ‘‘ සමගිපුර ‘‘ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඉකුත් 23 වැනිදා එක්වෙමිනි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 09:59