March 29, 2024

අමිල පොලීසියෙන් වෙඩි කා යන්නට යන්නට ගියේ...

අනේ අපේ පුතා වෙඩි තියල මරල දාන්න තරම් කරපු වරද මොකක්ද? දුක් විඳල හදපු දරුවට මොකක්ද මේ වුණ අපරාදේ.

අනේ මේ දුක කොහොම වාවාගන්නද. ආයේ කවදද මගේ රත්තරං පුතේ  ඔය මුහුණ දකින්නේ.” යැයි අකාලයේ  මරණයට පත් වූ තරුණයකුගේ මවක විලාප නගමින්  හඬා වැළපෙන දුක්බර  අදෝනාව  අසා සිටින කාහටත් නෙතට කඳුළු නැගෙන දර්ශනයකි.

දෙමව්පියන් කුඩා  කල පටන් දරුවෙකු ලොකු  මහත් කරන්නට වෙර වීරිය දරන්නේ තම දරුවා අපරාධකාරයෙක් හෝ සමාජයට වින කරන පුද්ගලයෙකු ලෙස සමාජ ගත කරන්නට නොව කෙසේ හෝ අනාගතය සුබවාදිව ගත කරණු දකින්නටය.

එහෙත් බොහොමයක් අවස්ථාවල   ලොකු මහත් වූ දරුවන් දෙමව්පියන්ගේ බලා‍පොරොත්තුවට පයින් ගසා තම අබිමතය පරිදි කටයුතු කරන්නට පෙළෙඹෙති.

දිවුලපිටිය බරවාවිල පදිංචිව සිටි කැලුම් සුභසිංහ තරුණයාද 19 වියට පා තැබූ භද්‍ර යෞවනයේ  පසුවු තරුණයෙකි.

එහෙත් ඔහු වයසට වඩා වැඩි වැඩ පෙන්වන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස අකාලයේ තම ජීවිතයෙන් සමු ගැනීමට සිදුවිය.

දෙමව්පියන් දැඩි ශෝකයට පත් කරවමින් සිදුවූ මෙම ඛේදවාචකය  මහත් වේදනාවක් වුවත් සමාජය එය දකින්නේ වෙනත් ආකාරයකටය.

එවැනි පසුබිමක් කැලුම් විසින් නිර්මාණය කරගෙන තිබිණි.

මත්පැන් පානයට යාමේ ප්‍රතිඵලයක්  නිසාම මෙම අකල් මරණය සිදුවිය. 

කැලුම් හොඳහැටි  මත්පැනින් සප්පායම් වී තමනට එරෙහිව සිටි පලතුරු අලෙවිසල් හිමියෙකු සොයා ගියේ මාරාවේෂයෙනි.

ඔහුට පලතුරු වෙළෙන්දා තමාගේ බලවත් හතුරෙක් සේ පෙනුණා නිසාදෝ ඉණේ සඟවාගෙන සිටි තියුණු  පිහිය අතට ගෙන පලතුරු වෙළෙන්දාගේ උදරයට   ඇනගෙන ගියේ දෙවරක් නොසිතාය.

එතැනින් නොනැවතී මොහු බේරීමට උත්සාහ කළ කීප දෙනෙකුටම එම  ආයුධයෙන්ම පහර දෙන්නට විය.

මේ ගැන වහාම අංක 119 ‍පොලිස් ඇමතුම් ඒකකයට යම් කිසිවකු විසින් දැනුම් දුන්නේය.

ඒ වනවිටත් මහ මග ගමන් කරමින් සිටි බොහෝ  දෙනෙකු මර බියෙන් මග හැරීමට උත්සාහ දරන විට මෙය බැලූ බැල්මට ටෙලිනාට්‍ය දර්ශනයක සේ පෙනිණ.

මෙම ජවනිකාව ගැන මේ වන විට දිවුලපිටිය ‍පොලීසියටද ලැබුණේ හදිසි  ඇමතුම් ඒකකයෙනි. 

වහාම මෙහි පවතින තත්ත්වය මැඩපැවැත්වීමට දිවුලපිටිය ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඒ වන විට ජංගම සංචාරයේ නියැළි සිටි ‍පොලිස් නිලධාරීන්ට පැවරුවේය. 

‍Kalum-motherපොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයට අනුව එම ස්ථානයට ගිය ‍පොලිස් නිලධාරීන්ට මහ මග තියුණු ආයුධයක් ඇතිව සැරි සරණ තරුණයෙකු  දක්නට ලැබුණි.

ඔහු කලහකාරී ලෙස හැසිරෙන ආකාරයත් පුද්ගලයෙකුට තම අතතිබූ පිහියකින් අනින්නට සැරසෙන අයුරුත් දැක ගැනීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ එක් ‍පොලිස්  නිලධාරියෙක් ඔහු අත තිබූ පිහිය  උදුරා ගැනීමට  ඔහු මෙල්ල කර ගැනීමටත් උත්සහ දරන විට එක්වරම පිහිය අමෝරාගත් තරුණයා ‍පොලිස් නිලධාරීයාටද පිහිපහර එල්ල කළේය.

මේ සිද්ධිය බලාගෙන සිටි අනෙක් ‍පොලිස්  නිලධාරියාටද එම පිහි පහරම  එල්ල කරන්නට සැරසෙනවාත් සමග රාජකාරි ගිනි අවිය  අතැතිව සිටි එම ‍පොලිස් නිලධාරීයා තම ජීවිත ආරක්ෂාවට වෙඩි පහර එල්ල කළේය.

වෙනත්  විකල්පයක් නොමැති නිසාම ‍පොලිස් නිලධාරියා එම අවස්ථාවේ  මෙවැන්නක් නොකරන්නට බිමත්ව වියරුවෙන්   සිටි තරුණයාගේ අතින් තවත් බොහෝ   දෙනෙකු පිහි පහරට ලක්වන්නට බොහෝ සෙයින් ඉඩ කඩ තිබිණි.

බිමත්කම නිසා චණ්ඩිකමක් ඇඟට ගැනීමේ ප්‍රතිඵලයකින් අකාලයේ තම ජීවිතය පූජා කරන්නට  කැලුම්ට සිදුවිය. සිහිවිකල්ව සිටියත් එම අවස්ථාවේදී ‍පොලිස් අණට කීකරු වී යටත් වූවානම් තවමත් මොලොව  වසන්නට ඔහුට වාසනාව තිබෙන්නට පුළුවන.

අකාලයේ ජීවිතයෙන් සමුගත් කැලුම් පවු‍ලේ දෙවැනියාය. ඔහුට වැඩිමහල් එක් සහෝදරයෙක් හා බාල සහෝදරයෙක්ද සිටී.

ඔවුන් කුඩා කාලයේදීම පියා මියයාම නිසා මව වන ලීලා පතිරණ මහත්මිය තම දරුවන් ලොකු මහත් කරන්නට නොගත් උත්සාහයක් නැති තරම්ය.

එවැනි දුන් කන්දරාවක් මැද්දේ ලොකු මහත් වූ කැලුම් තමා පතාගෙන ආකාරයටදෝ දෛවයේ සරදමින් අකාලයේ තම ජීවිතය අහිමි කරගත්තේය.

මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න

Rate this item
(2 votes)
Last modified on Friday, 27 June 2014 14:27