April 18, 2024

මාතලේ රෝහලේ බෝංචි රු 6000යි; කැරට් රු 8000යි 

නේවාසික රෝගීන්ට සැපයූ බත්පත වෙනුවෙන් ඉදිරිපත් කළ අරුම පුදුම බිල්පතක් පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාත‍ලේ දී අනාවරණ කළේ ය. 

"මට පපුවේ අමාරුව හැදුනා මිල ගණන් ඇහුවම මට වහාම පරීක්ෂණ වාර්තාවක් ඕනෑ." මාත‍ලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලීමක් කළේ ය.

මාත‍ලේ මහ රෝහ‍ලේ, දිස්ත්‍රික් මහ රෝහ‍ලේ ජීව වායු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මෙම අක්‍රමිකතාව හෙළි කළ ආණ්ඩුකාරවරයා දඹුල්ල මූලික රෝහල් නේවාසික රෝගියකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර වේලක ආහාර ද්‍රව්‍ය සඳහා අයැදුම්කර ඇති මිල ගණන් විස්තර කළේ ය.

"බෝංචි ග්‍රෑම් 10 රුපියල් 60යි. එතකොට බෝංචි කිලෝව රුපියල් 6,000යි. කැරට් ග්‍රෑම් 10 රුපියල් 80යි. එතකොට කැරට් කිලෝව රුපියල් 8,000යි. තැම්බූ බිත්තරය රුපියල් 50යි."

Rate this item
(0 votes)