March 28, 2024

දඹුල්ලේ නිදහස් පක්ෂය දෙකට බෙදෙයි 

ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් පසුගිය සතියේ බත්තරමුල්ල “අපේගම”ට කැඳවා දැනුවත් කිරීම් සහ ආසනවල ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් ඒ සඳහා මන්ත්‍රීවරුන් පැමිණ සිටියහ. 

දඹුල්ල ආසනය නියෝජනය කරමින් පැමිණි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වාග් ප්‍රහාරය කාගේත් අවධානයට යොමුවිය. 

“මගේ සීයා ටී.බි. තෙන්නකෝන්, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සමග 1951දී ශ්‍රී ලංකා එක ආරම්භ කරද්දී පළමු ලියවිල්ලට අත්සන් කළ කෙනෙක් තෙන්නකෝන්ලා කිසි කෙනෙක් කවදාවත් ශ්‍රී.ල.නි.ප.යට ද්‍රෝහිවෙලා නැහැ. වෙනත් පක්ෂවලට ගිහිල්ලත් නැහැ. 

අපි කෙලින් හිටියා. දැන් අපිට ගහන්නේ අපි හදපු ආණ්ඩුවයි. මගේ තාත්තා දෙපාරක් හිරේ දැම්මා මාව මුලින්ම හිරේ දානකොට මගේ වයස 19යි. යූ.එන්.පී.ය අපිට ගැහුවට කමක් නැහැ. මොකද අපි ශ්‍රී ලංකා කාරයෝ නිසා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕන එතනෝල්ලාද තෙන්නකෝන්ලාද කියලා. 

මේ දෙගොල්ලම තියාගන්න බැහැ. ඕනේ නම් අපි යන්නම් හැබැයි අපේ වටිනාකම එන දවසක් වෙනවා” 

ප්‍රමිත තෙන්නකෝන්ගේ කතාවට දඹුල්ලෙන් පැමිණ සිටි ප්‍රාදේශීය නායකයන් අත් ‍පොළසන් දුන්නේය

 

Rate this item
(0 votes)