පසුගිය සතියේ ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ද මොණරාගල ප්රදේශයේ පැවැති වැඩසටහන් කිහිපයකට සම්බන්ධ විය. හම්බේගමුව, වේලිඔය ප්රදේශයේ එවැනි වැඩසටහනක් පැවැත්විණි. රැස්වීම අවසන් වූ වහාම පැමිණ සිටි පිරිස විජිත හේරත් වට කරගෙන ඇත.
“මන්ත්රීතුමා අපිට මෙහෙ තියෙන ලොකුම ප්රශ්නය තමයි අලි ප්රශ්නය. අපේ වගා පාළු කරනවා. ගෙවල් කඩලා දානවා. මිනිස්සු මරණවා. ආණ්ඩුවේ අයට කිව්වට වැඩක් නැහැ.” ප්රදේශවාසීයෙක් කියා සිටියේය.
“ගිය සතියේ අපේ ගෙදර වහල කඩලා වී ටික කෑවා. අපිට බේරුමක් නැහැ” තව අයෙකු පැවසීය.
“අනේ මහත්තයෝ, සොයිසා ඇමැති කියනවා අලි කියන්නේ විදේශ විනිමය කියලා. අපිට ඔය විදේශ මුදල්වලින් වැඩක් නැහැ. අපේ ඉන්න තැනයි ගොවිතැනයි බේරුණා නම් ඇති” තවත් වැසියෙක් කීය.
“මන්ත්රීතුමා තව දෙයක් තියෙනවා. සොයිසා ඇමැතියි, පුෂ්පකුමාර ඇමැතියි දෙන්නට දෙන්නා තරහෙන් ඉන්නේ. පුෂ්පකුමාර ඇමැතිතුමා මිනිස්සුන්ට පොල් පැළ බෙදනවා. ඒවා කන්න වෙන්නැති සොයිසා ඇමැති අලි එවන්නේ” තවත් අයෙකු උපහාසය දනවමින් කියා සිටියේය.