March 29, 2024

බොරැල්ල ඕඅයිසී ඝාතනයට සැකපිට දෙදෙනෙක් කොටු

බොරැල්ල පොලිස් ස්ථනාධිපති, පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ ඝාතන සිද්ධියයට අදාල ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරික‍්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

51 හැවිරිදි තුන්නාන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි ඉලංදාරි පේඩිගේ සරත් නම් සැකකරු ත්‍රිකුණාමල ප්‍රදේශයේදී ද, 33 හැවිරිදි තුන්නාන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි නුවරපක‍්ෂ පේඩිගේ නිමල් නැමැති සැකකරු රත්නපුර, වැලිගෙපොළ ප්‍රදේශයේදී ද අපරාධ පරික‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. 

පසුගිය 16 වැනි දා පෙරවරුවේ හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථනාධිපතිවරයා එම ප්‍රදේශයට ගොස් සිටි අතර එම අවස්ථාවේදී විරෝධතා දැක්වූ පිරිස් කපා තිබූ ගසක් කඩා වැටීමෙන් අනතුරට පත් ව පොලිස් ස්ථනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්විය. 

Rate this item
(0 votes)