April 19, 2024

මුස්ලිම් ජනතාව රජයෙන් හුදකලා කිරීම‍ට දෙන්නේ නැහැ - ජී.එල්

මුස්ලිම් ජනතාව රජයෙන් හුදකලා කිරීම ඇතැම් බලවේගවල අරමුණ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙරට සිටින මුස්ලිම් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී පවසා තිබේ. ශ්‍රි ලංකාව සහ මුස්ලිම් රටවල් අතර පවතින සබඳතාවලට හානී කිරීමේ අරමුණින් මෙම දුෂ්ඨ ව්‍යාපාරය රට තුළ ක්‍රියාත්මක වන බවයි හෙතෙම වැඩි දුරටත් කරුණු අනාවරණය කර ඇත්තේ.

අලුත්ගම සහ බේරුවල ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා
මෙරට සිටින මුස්ලිම් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මේ බව පවසා ඇත.

ජාතික සමගිය ඇති කරලීමට ශ්‍රී ලංකා රජය කැපවීමෙන් සිටින බවත්, ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව දුර්වල කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවත් ඊට රජයක් ලෙස සාර්ථකව මුහුණ දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදි ඔවුන් වෙත අවධාරණය කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)