April 18, 2024

පියාට පහර දුන් ‘නරුම පුතා‘ කොටු

තම පියාට නිතර පහර දී වද හිංසා කරන බව කියන යුධ හමුදාවෙන් පලා විත් සැඟවී සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

පසුගිය 23 වැනිදා පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තම පුතා නිතර තමන්ට පහර දී හිරිහැර කරන බව ඉහල කුරුකැටියාව - සමෘද්ධිගම පදිංචි විද්‍යාපතියලාගේ ප්‍රේමවංශ යන අය නවගත්තේගම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත. ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති නවගත්තේගම පොලීසිය සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැලිඔය පිහිටි 224 වැනි ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කරමින් සිට ඉන් පලා විත් සිටි අයෙකු බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකරු යුධ හමුදාවෙන් පලා ඒමෙන් පසුව සිදු කරන ලද කටයුතු සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමුවී ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

 

Rate this item
(0 votes)