April 25, 2024

අලුත්ගම ගැටුම ගැන 'චන්ද්‍රිකා' කම්පනයෙන්

ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත සහ අවතැන් වූ ජනතාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය සංවේගය පුද කරයි.

බුදු දහමේ නාමයෙන් තම පුද්ගලික පටු අරමුණු හඹා යන, කලහකාරී අන්තවාදීන් පිරිසක් විසින් පවත්වනු ලැබූ ජනතාව කුපිත කරවන සුළු පෙළපාලියක් හා මහජන හමුවක් මෙම ගැටුම් සමග සම්බන්ධ වී ඇතැයි තමාට වාර්තා වී ඇති බව පවසන ඇය, මෙම ගැටුම් පිළිබඳව තමා මහත් කම්පනයට පත් වූ බව පවසන්නීය.

මාස දහ අටක පමණ සිට 'වෛරය වපුරමින් අශෝභන ආකාරයෙන් ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන් පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අපොහොසත් වීම' පිළිබඳව හිටපු ජනාධිපතිවරිය දැඩි අවධානය පළ කරයි.

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ජන කොටස් වලට ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ සමාන වූ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ලබා දීමට පෙර කිසි දිනක නොවූ විරු ආකාරයේ මහඟු අවස්ථාවක් ලැබී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 June 2014 08:56