April 16, 2024

චන්ද්‍රිකාගේ නිවස රූගත කළ 'කොටි'හසුවේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිදහස් මාවතේ පිහිටි නිවෙස ඡායාරූප ගත කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශය එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් ලබන 27 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කෙළේය.

ෆ්‍රැන්සිස් ඇන්ටනී, මාලිගම් මිත්‍රම්, ගනේෂන් ඉලේරාජ් නමැති සැකකරුවන් තිදෙනා මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනා කුරුඳුවත්ත පොලිසිය භාරයට ගෙන පරීක්‍ෂණ ආරම්භ කළ බවත් අදාළ නිල නිවෙස ඡායාරූප ගත කළ ජංගම දුරකතනය පරීක්‍ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පටි හමුවී ඇති බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 June 2014 08:55