April 24, 2024

" පුළුවන්නම් මාව ඉවත් කරන්න"- ඇමැති මර්වින් අභියෝග කරයි

කිසිම ජගතකුට මාව ඉවත් කරන්න බැහැ. මම අභියෝග කරනවා පුළුවන්නම් මාව ඉවත් කරන්න කියලා. මට එපා නම් මම පක්‍ෂයෙන් ඉවත්ව යනවා යෑයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා කැලණිය කොහල්විල ප්‍රදේශයේ ශ්‍රීලනිප ශාඛා කමිටු පිහිටුවීමේ අවස්‌ථාවකට එක්‌වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

"මහජන පක්‍ෂයේ අපේක්‍ෂකයකුට කැලණියේ ශ්‍රීලනිප සංවිධායක වෙන්න බැහැ. ඡන්ද 1650 ක්‌ ගත්තු කෙනෙක්‌ කොහොමද කැලණීය සංවිධායක කරන්නේ. ඒ කතාව හරියට දේවදත්ත නිවන් ගියා වගේ නැත්නම් ප්‍රභාකරන් මැරුණෙ නෑ කියනව වගේ කතාවක්‌. මම යනවනම් කැලණිය ආසන සංවිධායක විය යුත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී රෙහෙන්සිරි වරාගොඩයි. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වෛද්‍ය ජයන්ත කබ්රාල් වුවත් සුදුසුයි."

Rate this item
(1 Vote)