එල් .ටී .ටී.ඊ . සංවිධානය යළිත් ආරම්භ කිරීමේ වගකීම බාරගෙන ඇති කජීබන් හෙවත් ගෝබි මේවන විට ශ්‍රී ලංකාවේ සිටිනබව තහවුරු වී තිබේ. .දැනට රඳවා ගෙන ප්‍රශ්ණ කරන මූසලම්පොක්කනෙයි බාලේන්ද්‍රන් නැමති කාන්තාව ඔහුට රැකවරණ දුන් බව පෙනී යන බව ත්‍රස්ත විමර්ශන අංශ ආරංචි මාර්ග සඳහන් කළේය .
යුද්ධ අවසන හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරේ සිටියදී පැනගිය ගෝබි දෙමළ කොටි ඩයස් පෝරාවේ නායක පෙරම්නායගම් සිවබරන් හෙත් නිදීයාවන් හමුවී උපදෙස් ලබා ලංකාවට පැමිණි බවයි තහවුරු වී ඇත්තේ .
ගජීබන් පසුගිය දා බාලේන්ද්‍රන් නැමති කාන්තාවගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට ගියද පොලිස් කොස්තාපල්ට වෙඩි තබා පැන ගොස් තිබෙනවා .