March 29, 2024

යාපනය මුස්ලිම් පල්ලියකටත් ප්‍රහාරයක්..

යාපනය නගරය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියකට සිකුරාදා රාත්‍රීයේ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි. යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පල්ලියට පහරදී පලා ගොස් ඇති බව එහි භාරකාර සභාවේ අස්මින් අයුබ් මවුලවි ප්‍රකාශ කරයි.

කුඩා පල්ලියක් වන එහි වීදුරු කැඩී බිඳී ගොස් ඇති බව පැවසූ අස්මින් අයුබ් මවුලවිවරයා, ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව සඳහන් කරයි.

පොලීසිය සහ හමුදාව එම පළාතේ සිටින බැවින් ආරක්ෂක අංශවලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව අස්මින් අයුබ් මවුලවි විශ්වාශය පළ කරයි.

ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් පල්ලියට සහ ඒ අවට ප්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 June 2014 12:45