April 18, 2024

සුවදුක කියන්න ජනතාවට අවස්ථාවක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජකාරි ඉටු කිරිම් සම්බන්ධව මහජනතාව ගෙන් ලද පැමිණිලි පිළිබඳ විමර්ශනයට විමර්ශන මණ්ඩලයන් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මහජනතාව වෙත මනා සෞඛ්‍ය සේවයක් ලබා දීම හා මහජනයාගෙන් විවිධ අවස්ථාවල ලද පැමිණිලි විමර්ශනය සඳහා අවශ්‍ය අවස්ථාවල විමර්ශන මණ්ඩලයන් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසම් කර ඇත. 

ඒ සඳහා නිලධාරීන් තෝරා ගැනීමට දැනට සේවයේ සිටින හා විශ‍්‍රාමික විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන නිලධාරීන් හා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන් සමන්විත සංචිතයක් පිහිටුවීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Rate this item
(0 votes)