April 25, 2024

ලාබාල පෙම් යුවලක් අඹු - සැමි ඇසුරක 

වයස අවුරුදු 13 යි මාස 03 ක් වන පාසල් සිසුවියක් සමග අඹු - සැමි සම්බන්ධතා පැවැත්වූ බව කියන එම වයසේම සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

මෙලෙස අතවරයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව 6 කණුව රෙඩ් බානා හන්දිය පදිංචිව සිටි පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කල්පිටිය - පල්ලිවාසල් තුරේ පදිංචි පාසල් සිසුවෙකි.

සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇත. එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම දුෂණය සිදුවී ඇති බව පොලීසිය කියයි. තම  නිවසේ කිසිවෙකුත් නොමැති විටක නිවසට පැමිණ ඇති සැකකරු තමා සමග අඹු - සැමි සම්බන්ධතාවයක් පැවැත්වූ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

දැරිවියගේ මව්පියන් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශණයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට යොමු කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(2 votes)