March 28, 2024

කල්පිටියෙන් මතුවෙන කේරල ගංජා මෙන්න

2013 සහ 2014 වසරේ මේ වනවිට ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද කේරල ගංජා කිලෝ ග්රෑම් 447 යි ග්රෑම් 982 ක් අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව සහ පොලීසිය සමත්වී ඇත.

මෙම කේරල ගංජා සමග සැකකරුවන් 173 කුද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2013 වසර තුළ කේරල ගංජා කිලෝ ග්රෑම් 239 යි ග්රෑම් 92 ක් සැකකරුවන් 86 දෙනෙකුද සමග අත්අඩංගුව ගැනීමට පොලීසිය සහ නාවුක හමුදාව සමත්වී ඇත. 2014 වසරේ මේ වනවිට සැකකරුවන් 87 දෙනෙකු සමග කේරල ගංජා කිලෝ ග්රෑම් 208 යි ග්රෑම් 896 ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව පැන්පරා පැකට් 24,610 ක්ද සැකකරුවන් 03 කු සමගද, බීඩි 30,000 ක් අඩංගු පාර්සල් 25 ක්ද, දුම්කුඩු පැකට් 431 ක් සැකකරුවන් 06 දෙනෙකුද සමග අවස්ථා දෙකකදීද අත්අඩංගුවට ගෙන ඇත.

කේරල ගංජා සහ වෙනත් දෑ ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමේදී පහසුම ස්ථානයක් ලෙස ජාවාරම්කරුවන් කල්පිටිය තෝරා ගෙන තිබීම මෙම තත්ත්වයට හේතුව බව ආරක්ෂක අංශ සදහන් කරයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

 

Rate this item
(0 votes)