April 20, 2024

මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ඇරයුමක්

ජිනීවා තත්ත්වය පිළිබඳව රටේ පවතින පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියම් මහා නිකායේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක, අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්ගේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අත්සනින් එම ලිපිය යොමු කර ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකා වි‍රෝධී යෝජනාවලියක් ඉදිරිපත් කිරීම රට යළි පරිහානියට ඇද දැරීමට උත්සාහ දැරීමක් බව ද මහනාහිමිවරුන් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අමාත්‍යවරුන් වන ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 March 2014 10:57