March 29, 2024

විදේශ ඇමතිට ඇමතිවරුන්ගෙන් බලපෑම්

ශ‍්‍රී ලංකාව හා විදේශවල ඇති තානාපති කාර්යාල මගින් උතුරු ප‍්‍රදේශයේ පවතින සත්‍ය තත්ත්වය ජාත්‍යන්තර ප‍්‍රජාවට පහදා දීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වහා කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාට පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දන්වා තිබේ. 

හිටපු එල්ටීටීඊ ක‍්‍රියාකාරී එලීලන්ගේ බිරිඳවූ ආනන්දි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කරන ලද කථාවේ අරමුණ ගැන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් විශේෂ ලිපියක් මගින් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ.

එල්ටීටීඊ සංවිධානය සඳහා ළමා සොල්දාදුවන් බඳවා ගැනිම සඳහා ක‍්‍රියාකාරීව කටයුතු කළ ආනන්දි සතීසරන් විසින් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකා රජයට විරුද්ධවත්, උතුරේ දැනට පවතින තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වැරදි චිත‍්‍රයක් මවා පාමින් කරන ලද ද්වේශ සහගත කථාව පිළිබඳ සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් විශේෂ ලිපියක් පසුගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරන ලදී. 

ඇය මෙම කථාව කර ඇත්තේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සඳහා වූ වෙන් කරන ලද කාලය උපයෝගී කර ගෙන වන අතර රජයේ ප‍්‍රතිරූපය විනාශ කිරීමේ හා ජිනීවා සමුළුවේ රජයට විරුද්ධව ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම කතාව සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර ඇත.

අමාත්‍යවරුන් විසින් මේ සම්බන්ධව සිය දැඩි අප‍්‍රසාදය ප‍්‍රකාශ කර ඇති බවස වාර්තා වේ.

Rate this item
(1 Vote)