April 19, 2024

බේරුවලට කමිටුවක් - ජනපති TWITTER මගින් කියයි

බේරුවල සහ අලුත්ගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයක පසුගිය දිනවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව හෙතෙම ට්විටර් නිවේදනයක් මගින් ප‍්‍රකාශ කර ඇත.

අලුත්ගම සහ බේරුවල ඉකුත් දා ඇති වූ නොසන්සුන්තාවලින් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදෙන බව පුනරුත්ථාපන අධිකාරිය සඳහන් කරයි.

" මරණ සඳහා වන්දි ඉල්ලුම් පත‍්‍ර - තුවාලවලට අවශ්‍ය වන්දි ඉල්ලුම් පත‍්‍ර ලබා දෙන්න කියලා අපි කළුතර දිසාපති තුමාට යවලා තියනවා.... මරණ සඳහා වන්දි ඒ ඉල්ලුම් පත‍්‍රය ලැබුණ ගමන් අපිට පුළුවන් ඒක ගෙවන්න... තුවාල වන්දි වෛද්‍යවරයෙක් සහතික කරලා එකත් ඉක්මනින් ගෙවන්න පුළුවන්.. " 

ඒ සම්බන්ධයෙන් ඊඒ සමරසිංහ මහතා කරුණු දක්වමින් මේ බව පැවසී ය.

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දිය රුපියල් ලක්ෂයක් බව ද තුවාල ලැබූ පුද්ගලයින්ට ලබාදෙන වන්දිය ඔවුන්ගේ අබලතාවයේ ස්වභාවය අනුව වෙනස්වන බව ද එහි දී ප‍්‍රකාශ විය. හානි වූ දේපොළ වෙනුවෙන් ද වන්දි ලබාදෙන බව ඊඒ සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)