March 29, 2024

ගිනි ගත් පානදුරේට එස්ටීඑෆ් ආරක්ෂාව 

‘නෝලිමිට්‘ ආයතනයේ දී ඊයේ (20) රාත්‍රියේ සාදයක් පැවැත් වූ සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් එම සාදයේ දී භාවිත කළ බීම වර්ග පිළිබඳ පොලීසියට තොරුතුරු අනාවරණ වී ඇත.

එහි දී සිගරට් කොටයක් අත් වැරදීමකින් වැටී ගින්න ඇවිලුනේ දැයි සැකයක් පවතින බව පොලීසිය ප්‍රකාශ කරයි.

ගින්න පළමුව හටගෙන ඇත්තේ උඩු මහළෙනි.

බිම් මහලේ නිදා සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් ද ඊට අදාළ ව ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

කෙසේ වුව ද මේ වනවිට එම ප්‍රදේශයේ ආරක්ෂාව පොලිස් විශේෂ බලකාය භාරගෙන තිබේ.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ රෙජිනෝල්ඩ් කුරේ යන අමාත්‍යවරුන් ද මේ වනවිට සිද්ධිය වූ ස්ථානයට පැමිණි බව වාර්තා වේ.

Rate this item
(0 votes)