April 17, 2024

රිසානා වෙනුවෙන් ඇමති දුන්නේ හොර චෙක්පතක්

සෞදි ආරාබියේ මරණ දඬුවමට ලක්ව මියගිය රිසානා නෆීක් වෙනුවෙන් එක්තරා ඇමතිවරයෙකු ලබාදුන් ලක්ෂ තුනක චෙක්පත අගරු චෙක්පතක් බව රිසානා නෆීක්ගේ පියාවන මොහොමඩ් සුල්තාන් නෆීක් මහතා පවසයි.

එමෙන්ම තම දියණියගේ නම යොදාගනිමින් ඇතැම් පුද්ගලයින් මුදල් හම්බ කරන බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ නමුත් එය සිදුකරන්නේ හොඳ පරමාර්ථයෙන් ද නරක පරමාර්තයෙන් ද බව තමා නොදන්නා අතර මේවන තෙක් සිය පවුල නඩත්තු කරන්නේ තමා විසින් දර විකුණා ලැබෙන මුදලින් බව ද හෙතෙම සඳහන් කරයි.

 

Rate this item
(0 votes)