April 20, 2024

මුස්ලිම් ව්‍යාපාර වනසන බවට හකීම්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

මුස්ලිම් ව්‍යාපාරිකයින් සහ මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාත්‍යන්තරයට පැමිණිලි කර තිබේ.

ලොව පුරා මුස්ලිම් රටවල් රැසක කොළඹ තානාපති අංශ හරහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල ඉකුත් දා ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මුස්ලිම් රටවල තානාපති නිලධාරීන් හමුවේ එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)