April 25, 2024

හිමි නමක් වල් අලියාට බිලි 

වල් අලියාට කෙසෙල් ගෙඩි කැවීමට ගිය හම්බන්තොට බදගිරිය, බැමිණියන්ගල ආරණ්‍ය සේනාසනයේ හිමි නමකට එම වල් අලියා පහරදීමෙන් හිමිනම අපවත් වී ඇති බව හම්බන්තෝට පොලීසිය පවසයි.

මීට මාස 06 කට පමණ පෙර මහණ වී ඇති 65 හැවිරිදි ගෝනපුර සරණංකර නමැති හිමියෝ එලෙස අපවත් වී ඇත.

20 වැනිදා අළුයම 04.30 ට පමණ එම වන අලියා ආරණ්‍යයට පැමිණ ඇති බවත් අපවත් වූ හිමි නම ජලය සහ කෙසෙල් ගෙඩි රැගෙන එම අලියා අසලට ගොස් කෙසෙල් ගෙඩි ලබාදුන් අවස්ථාවේ දී ප්‍රහාරයට ලක් වූ බව එම ආරණ්‍යෙය් වැඩවසන සෙසු හිමියෝ පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට වනජීවි නිලධාරීන් සහ හම්බන්තොට පොලීසිය විසින් සිදු කරයි.

සනත් ගමගේ 

 

Rate this item
(0 votes)