April 24, 2024

වැස්ස පතා ඇමති රංජිත් ශ්‍රී මහා බෝධිය අභියසට 

තවත් දින 03 කින් වියළි කාලගුණික තත්ත්වය පහ ව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අප්‍රේල් මාසය පුරාවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අඛණ්ඩ වැසි අපේක්ෂා කරන බව එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ එස්. ප්‍රේමලාල් මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද මාස කිහිපයක් තිස්සේ බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ සියලු ජලාශවල ජල මට්ටම් පහත වැටී තිබේ. ජල විදුලිය උත්පාදනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම 40% ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

එම ජලාශවල ඉතිරි ව ඇති ජල ධාරිතාවය ද විදුලි උත්පාදනයට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව ඇත්තේ පානය කිරීමට සහ කෘෂි වගා කටයුතු සඳහා ජලය අවශ්‍යවීම හේතුවෙනි.

ජල විදුලි උත්පාදනයේ මතු ව ඇති අවදානම්කාරී තත්ත්වය තවදුරටත් ඉදිරියට පැවතුනහොත් විකල්ප ක්‍රම පිළිබඳ අවධානය යොමු කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.පී.වික්‍රමසේකර මහතා කියා සිටියේ ය.

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යයම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක ජල උල්පත් ද සිඳී ගොස් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ කුඩා දිය ඇලි බොහොමයක් සිඳී ගොස් ඇති අතර, විශාල ප්‍රමාණයේ දිය ඇලිවලින් විහිදෙන ජල ධාරිතාවය අවම වී ඇති බව වාර්තා වේ.

මේ අතර, විදුලිබලය උත්පාදනය කරන ජලාශවලට වර්ෂාව ප්‍රර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීමේ ආගමික උත්සවයක් අද (25) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)