April 23, 2024

නැවතත් විදුලි කප්පාදුවක් අත ළඟ ? ජලාශවල ජල මට්මට සීඝ්‍රෙයන් පහළට (PHOTOS)

මෙරට ජාතික විදුලි බල පද්ධතියට ප්‍රධාන දායකත්වයක් සපයන කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40 දක්වා පහළ බැසිම නිසා විමලසුරේන්ද්‍ර, ලක්‍ෂපාන, නවලක්‍ෂපාන, පොල්පිටිය සහ කැනියෝන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සීමා කර ඇති බව එම විදුලි බලාගාරයන්හි ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් කියාසිටියේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පුරා මාස තුනක කාලයක් පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට මෙම ජලාශවල ජල මට්ටම සීඝ්‍රෙයන් පහළ බැසිම නිසා විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය ලබා ගැනිමට නොහැකි වී ඇති බවයි. 

ඒ අනුව ඔවුන් ප්‍රකාශකරන්නේ වැඩිම විදුලි ඉල්ලමක් ඇති කාලයේදි පමණක් ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කර ජාතික විදුලි පද්ධතියට එක්කරන බවය.

ඡායාරූප පහතින්. 

රංජිත් රාජපක්ෂ - හැටන් 

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2016 10:06