April 26, 2024

පොළොන්නරුවේ සිව් මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී (VIDEO)

පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවි සැලක ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ.

මහල් 04 කින් යුත් එම ගොඩනැගිල්ලේ මහල් 03ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇත.

ගින්න ඇති වූ අවස්ථාවේ පුද්ගලයින් 04 දෙනෙක් එහි රැඳී සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් වී නොමැති බව අප වාර්තාකරු සඳහන් කරයි.

එම ව්‍යාපාරික ස්ථානය රක්ෂණය කර නොමැති බවත් සිදු වූ අලාභය රුපියල් කෝටියක් පමණ බවත් වාර්තා වේ.

එම වීඩියෝව පහතින්, 

 

Rate this item
(0 votes)