April 23, 2024

විදුලිය බිඳ වැටීම් තවදුරටත්

මාතලේ, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්වල ඊයේ (24) දිනයේදීත් විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.

ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය පහත වැටීමත් සමග එවැනි කෙටි විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කරයි.

මේ වනවිට දිවයිනේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල පවතින්නේ 40%ක පමණ ධාරිතාවකි. ඒ හේතුවෙන් විදුලිය තවදුරටත් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

බියගම සහ මිනුවන්ගොඩ - කොටුගොඩ ට්‍රාන්ස්පෝමර පිපිරීම් මෙන්ම නොරොච්චෝලේ බලාගාරය අක්‍රියවීම හේතුවෙන් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් වාර්තා විය.

එහෙත් මේ වනවිට නොරොච්චෝලේ බලාගාරය පූර්ණ සක්‍රිය තත්ත්වයට පත් ව තිබේ. කෙසේ වුව ද දෙවැනි විශාලතම විදුලි ප්‍රභවයවන ජල විදුලි උත්පාදනය පහත වැටීම හේතුවෙන් මෙරට විදුලිය සැපයීම් අඛණ්ඩව පවත්වා ගැනීම අභියෝගයක් බවට පත් ව තිබේ.

විශේෂයෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය විදුලිබලාගාරවල ජල විදුලි නිෂ්පාදනයට බලපෑම් එල්ල වේ.

 

Rate this item
(0 votes)