April 18, 2024

නව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයෙකු පත්කෙරේ  

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාමේ නව විධායක මාධ්‍ය නිළධාරි ලෙස විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න ඉකුත් 17 වැනිදා සිට වැඩ භාරගත්තේය.

කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බැදී 1992 වසරේ අමෙරිකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ මූලික පුහුණුව හදාරා ඇති විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න කොළඹ ජෝශප් විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Rate this item
(0 votes)