April 20, 2024

විල්ගමුවේ සභාපතිගෙන් නැවතත් ගංජා මතුවෙයි

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ හිටපු සභාපතිවරයා ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත ගිරාදුරුකොට්ටේ ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රී වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකින් ගමන් කරමින් සිටිය දී එම කැබ් රථය තුළ තිබී ගංජා තොගය සොයාගත් බව පොලීසිය පවසයි.

එම ගංජා කැබ් රථයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගංජා සඟවා තබාතිබීම පිටුපස සැකයක් පවතින බව වාර්තාවේ. 

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ හිටපු සභාපතිවරයා පසුගිය 02 වැනි දා ගංජා ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබුණි. 

Rate this item
(0 votes)