April 25, 2024

පොලීසියේ කණෙන් රිංගන ගරාජ් අංක වාහන

 

ගරාජ් අංක සහිත වාහන බිය ඇති කිරීම සදහා යොදාගන්නා මනෝ විද්‍යාත්මක උපක්‍රමයක් බැවින් ගරාජ් අංක සහිත වාහන අත්අඩංගුවට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් කැෆේ සංවිධානය මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

 

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ගරාජ් අංක යොදාගනිමින් වාහන 08ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදාගනිමින් ඇති බවත්මේ පිළිබද 2014 පෙබරවාරි 17 දින කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාටත්, කළුතර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් පැමිණිලි කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

අදාළ පැමිණිල්ල සිදු කොට මසක් ගත වී ඇති නමුත් මේ දක්වාම සී13 2106 දරණ අංකයෙන් ධාවනය වන රථය අත්අඩංගුවට ගැනීමක් හෝ අවම වශයෙන් අවවාද කිරීමක් හෝ සිදුවී නොමැති බවද කැෆේ සංවිධානය සඳහන් කරයි.

මේ පිළිබද කළුතර පොලිස් අධිකාරි එල්.එච්.රොෂාන් ද සිල්වා මහතා මැතිවරණ කොමසාරිස් වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ මාර්ග බාධක යොදා හෝ ගරාජ් අංක යෙදු රථයක් සොයාගත නොහැකි වූ බවඑපමණක් ද නොව සියලු නිලධාරීන් ද රථ වාහන අංශවලට අයත් නිලධාරීන් ද දැන්වත් කර ඇතැයි ද එම ලිපිය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුවට වාර්තා කොට ඇත.

නමුත් මතුගම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වෑන් රථය මතුගම නගරය සහ ඒ ආසන්න ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සදහා දෛනිකව ගැවසෙන බවයි.   කැෆේ සංවිධානය ඊයේ (18) දිනයේ මතුගම නගරයේ මෙම වාහනය ධාවනය කරනු නිරීක්ෂණය කර තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 13:52