April 20, 2024

කිහිලිකරුවෙන් ඇමති පුටුවට

මගේ අමාරුව ජනතාවගේ ගැටලුවලට ගැටලුවක් වීමට ඉඩ දිය නොහැකියි යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (19) මිහින්තලා ආසනයේ  2014 වර්ෂයට අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා මහජනතාවගෙන් සංවර්ධන යෝජනා ලබා ගැනීම සදහා තිරප්පනයෙහි පිහිටි අමාත්‍යවරයාගේ නිළ කාර්යාලයේ පැවති රැස්වීමකදීය.

අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී ඒ මහතා ගමන් ගත් මෝටර් රථය  පෙබරවාරි 23 වැනි දා අළුයම ගල්ගමුව - පාදෙණිය ප‍්‍රදේශයේදී බවුසරයක ගැටී අනතුරකට ලක්වීමෙන් අමාත්‍යවරයා තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළේය.

 

එම අනතුරින් අමාත්‍යයවරයාගේ වම් පාදය බිදීමකට ලක් වූ අතර  පෙබරවාරි මස 24 වැනි දින කොළඹ පෞද්ගලික රෝහලකදී අමාත්‍යවරයාගේ පාදයට සුළු ශල්‍යකරමයක් සිදු කළේය. අනතුරුව මාර්තු 02 වැනි දින අමාත්‍යවරයා එම රෝහලෙන් පිටව ගිය අතර, මසක පමණ කාළයක් අමාත්‍යවරයාට ප්‍රතිකාර ලබා දිය යුතු බවත් වෛද්‍යවරුන් පවසා තිබේ.  

 

අමාත්‍යවරයාට වෛද්‍යවරුන් මාසයක කාලයක් විවේකි සුවයෙන් පසුවන ලෙස දැන්වූ නමුත් මිහින්තලා ආසනයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කළ යුතු බැවින් අධ්‍යාපන සේවා අමාත්‍යවරයා ඊයේ (19) අත් වාරුවෙන් අනුරාධපුරයට පැමිණ අනතුරින් පසු නැවතත් සිය දේශපාලන කටයුතු ආරම්භ කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 14:56