April 20, 2024

ආදරවන්තයන්ගේ සටන නිසා සිසුවෙක්ට අසාධ්‍යයි 

“රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන“ මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් අද පැවති රිච්මන්ඩ් සයිකල් සවාරියේ දී යතුරු පැදියක ගමන් කරමින් සිටි සිසුවකු අනතුරට පත්වීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස අනතුරුට පත් ව ඇත්තේ ගාල්ල, වැකුණගොඩ ප්‍රදේශයේ පදංචි පසන් මධුභාෂණ නමැති 19 හැවිරිදි රිච්මන්ඩ් විදුහලේ සිසුවෙකි.

එම සිසුවා මේ වනවිට ගාල්ල, කරපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 23:19